ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ දොඩන්දුව, කුමාරකන්ද මංසන්ධියට ආසන්නව ඊයේ(04) රාත්‍රි 7.45ට පමණ යතුරුපැදියකරුවෙකු ඉදිරියෙන් ගිය යතුරුපැදියක ගැටි ඉවතට විසිවි යාමෙන් බස් රථයකට යටවිමෙන් එම ස්ථානය යේම මියගොස් ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.

(මේ මස විවහා විමට සිටි) මෙලෙස මියගොස් ඇත්තේ,දොඩංදුව, මොදර පටුවත පදිංචි සන්දිප් ලක්ෂාන නමැති 25 හැවිරිදි තරුණයෙකි.

ඔහු මේ මස විවාහ වීමට සිටි බවද සඳහන්.

හික්කඩුවේ සිට ගාල්ල දෙසට යතුරුපැදියේ ගමන්කල තරුණයා ඉදිරියෙන් ගමන් කළ විදේශිකයෙකු පැදවූ යතුරුපැදියේ ගැටිමෙන් පාරේ විරුද්ධ දිශාවට විසිවි යාමෙන් කොළඹ දෙසට ගමන්කල විදේශකයන් ප්‍රවාහනය කරන බස් රථයේ රෝදයකට යටවිමෙන් හිසට බරපතල තුවාල සිදුව එම ස්ථානයේම මියගොස් ඇත.

අනිත් යතුරුපැදියේ ගමන් ගත් විදේශිකයා සහා බස්රථ රියදුරු හික්කඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෘතදේහය කරාපිටිය ජාතික රොහලේ තැන්පත් කර ඇත.

(දීපාල් ද සිල්වා ,අම්බලන්ගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here