එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් (EGB) සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය පුවත සම්බන්ධයෙන් Ceylon Cold Stores කළමනාකාරී මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැටලුවට අදාළ බෝතලයෙහි වූ දියර වර්ගය එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් (EGB) නොවන බව මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව එම සමාගම පවසනවා.

අදාළ වෙළඳසැල් හිමියා විසින් භාවිතා කරනු ලැබූ, හිස් එලිෆන්ට් හවුස් PET බෝතලයකට පරිභෝජනයට නුසුදුසු දියර වර්ගයක් දමා ඇති බවත්, එලෙස වෙනත් කාර්යයක් සඳහා සකසනු ලැබූ බෝතලය අදාළ පාරිභෝගිකයා වෙත අළෙවිකර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here