වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ පවසා තිබෙනවා.

එමෙන්ම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ​තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න හමුවූ අවස්ථාවේදී ඔහු සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළ ජපාන තානාපතිවරයා, ඉදිරියටද එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදෙන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here