දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා

ඊයේ රාත්‍රී දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පිළිපැනීම හේතුවෙන් මේ වන විට දුම්රිය ගමනට බාධා ඇතිව තිබේ.

මෙසේ පිළිපැන ඇත්තේ ඊයේ රාත්‍රී මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක් වේ.

එම දුම්රිය ඊයේ රාත්‍රි පීලි පැනීමෙන් අනතුරුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුනි.

මේ වන විට දුම්රිය සේවකයින් එම පිලිපනින දුම්රිය කොටස ඉවත්කොට ඇති අතර ,මේ වනතෙක් එක් දුම්රිය මාර්ගයක් අවහිරව පවතී.දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් ධාවනය වන සියලුම දුම්රියන් එක් මන්තිරුවකට සීමා වී ඇති ආකාරය දැකගන්නට පුළුවන්.

පීලි පැනීමට ලක් චු බලවේග කට්ටියට දුම්රිය අද දින ධාවනය සිදු නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here