දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (08) පොදු ජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී.

එහිදී අදහස් දැක්වු ගාමිණි ලොකුගේ මහතා ,

“අද මහජනයාට දවසෙන් දවස ජිවත්වීමේ අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. ඉතා ම උසස් බලාපොරොත්තු ඇතිව පත් කරපු ආණ්ඩුවක්. අපි හිතුවේ මේ ආණ්ඩුව බලයට පත්වූ ගමන් තෙල් මිල, විදුලි බිල අඩු කරලා රාජ්‍ය සේවකයින්ට අවුරුද්දට දෙපාරක් පඩි වැඩි කරයි කියලා. බොහෝ තැන්වල අද දේශපාලන පළිගැනීම්වලට ටිකෙන් ටික ලක්වෙමින් තිබෙනවා. අපි හෙට අනිද්ද මෙහෙම අසාධාරණයට ලක්වූ පිරිස වෙනුවෙන් පෙනි සිටින්න නීතීඥ කාර්යාලයක් නෙළුම් මාවතෙදී ආරම්භ කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here