නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිසියට දැනුම් දී තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට සමගාමීව මහමග ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.
ඊයේ(02) සිට නැවත දැනුම් දෙන තුරු මේ පරීක්ෂා කිරීම් සිදු කළ යුතු බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර ඇත.
අධික ශබ්ද සහිත සයිලන්සර්, ඝෝෂාකාරී නලා ඇතුළු අනතුරුදායක සවිකිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස සොයා බලන ලෙසද උපදෙස් දී ඇතැයි සඳහන්වේ.
මෙවැනි රථ වාහන මාර්ගයේ ධාවනය වුවද එය නුදුටුවාක් සේ රථවාහන පොලිසිය කටයුතු කිරීම ජනතාවගේ අප්‍රසාදයට හේතුවී ඇති බවත්, එය ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයටද හානියක් බවත් වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙයි.
පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තෙ එවැනි වාහන හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරිම සඳහා දෛනිකව පැය තුන බැගින් මෙහෙයුම් දෙකක් සෑම පොලිස් බල ප්‍රදේශයකම ක්‍රියාත්මක කළ යුතු බවටය.
Really enjoyed this! Your perspective is refreshing and thought-provoking. Keep it up!