බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව තිබෙනවා.

පානදුර පින්වත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍යවරයාට අයත් බව කියන නිවසේ තිබී විදෙස් රටක සන්නද්ධ හමුදාවක භාවිතා කර ඇති බවට සැකකරන හමුදා ජීප් රථයකට සමාන ජිප් රථයක් පළමුව පොලිස් භාරයට ගෙන තිබුණා.

එහිදී අණාවරණය වූ තොරතුරු මත තවත් සුඛෝපභෝගී ජීප් රථ දෙකක් රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී භාරයට ගෙන ඇති බවයි පොලිස් නිවේදනයේ දැක්වෙන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති ජීප් රථ නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කර රාජ්‍ය ආයතන වලින් ගර්භිත කරන ලද අංක යටතේ මෙම වාහන ලියාපදිංචි කර ඇති බවටද තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වී ඇත්තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here