බදුල්ල – පස්සර  15 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක්  මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් ප්‍රදේශයකට ගමන් කිරීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් තුවාල ලැබූ 13 දෙනෙකු පමණ පස්සර රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වෙනවා.

ඔවුන් බරපතළ තත්වයේ නොවන බවද සඳහන්.

පොලීසිය සඳහන් කළේ කොළඹ සිට පස්සර බලා ධාවනය වූ බස් රථයට මෙසේ අනතුරට ලක්ව ඇති බවයි.

රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here