අද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සමහර ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පැයට කිලෝමීටර් 30-40 ක පමණ තරමක් තද සුළං අපේක්ෂා කළ හැකියි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ඔවුන් උපදෙස් දෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here