විහාරස්ථාන ඇතුළු පූජනීය ස්ථාන සඳහා නොමිලේ සූර්ය පැනල ලබාදීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ජී දිසානායක මහතා පවසනවා.

ඒ සඳහා ඉන්දීය රජය අවශ්‍ය සූර්ය පැනල පරිත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවයි ඒ මහතා පවසන්නේ.

මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල වාර්ෂික සමුළුවේ දී ඒ මහතා මෙම අදහස් පළකළා.

මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් එක් ස්ථානයක සූර්ය පැනල සවිකර ඉන් ලැබෙන ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට සැළසුම්කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය හා පූජනීය ස්ථාන ඒකාබද්ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් නොමිලේ හෝ සහනදායී වැඩපිළිවෙළක් මත සූර්ය පැනල ලබාදීමට සැළසුම්කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here