ගල්ගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් පදවාගෙන ගිය රථය යකඩ පටවාගත් ලොරියක වැදීමෙන් පසු බරපතල හානි සිදු වූ බවත් මේ වසන් කිරීම සඳහා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් රියදුරෙකු වහා ගෙන්වා රියදුරු විසින් පදවාගෙන ආ ලෙසට සිදුවූ බරපතල හානිය වසන් කිරීමේ උත්සාහයක් ගල්ගමුවෙන් වාර්තාවේ.
අනතුරට පත්වීමෙන් පසුව මීගලයාව ස්ථානාධිපතිවරයාට වහාම දුරකථනයෙන් සම්බන්ධ වූ ගල්ගමුව ස්ථානාධිපතිවරයා ඉක්මනින් තම රියදුරු මීගලෑව ස්ථානාධිපතිගේ රථයෙන් එම ස්ථානයට ගෙන්වා සිද්ධිය වසන් කිරීමේ තිර නාටකය වෙනස් කරන ලද බව ප්‍රදේශවාසීන් පවසයි.
ලක්ෂ අසූවක් පමණ වටිනා රාජ්‍ය දේපළක් වන මෙම රථය තම නිවසට දින කිහිපයකට වරක් යවන බඩු භාණ්ඩ පොළොන්නරුව දක්වා යන බස් රථයකට නිතරම ලබා දෙන මොහු මෙම අවස්ථාවේද උත්සාහ කර ඇත්තේ තමන් විසින්ම පදවාගෙන ගිය පොලිස් ජිප් රථයෙන් එම බස් රථයට ලබාදීම සඳහායි.
මෙම සිද්ධිය නිතරම සිදුවන දෙයක් බව පොලිසියේ නිලධාරීන් පවසන අතර ස්ථානාධිපතිවරයා මෙම භාණ්ඩ රැස් කරනු ලබන්නේ තම පොලිස් වසමට අයත් ව්‍යාපාරිකයන්ගෙන් හා කසිප්පු ජාවාරම්කරුවන්ගෙන් වීම විශේෂයකි.