බස් සහ ත්‍රිරෝද රථ අමතර උපාංග වැරදි හදා ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ත්‍රිරෝද රථ සහ බස් රථ අමතර උපාංග සම්බන්ධ නීතිය කඩිමුඩියේ ජාතික ජන බලවේග රජය විසින් ගෙනා එකක් නෙවේ යැයි කී මන්ත්‍රීවරයා මෙහි සිදු වී ඇත්තේ අලුත් ආණ්ඩුව පැමිණි විට පොලිසියත් සද්භාවයෙන් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට යාම බව සඳහන් කළේය.

බස් සහ ත්‍රීරෝද රථවල අමතර උපාංග සම්බන්ධයෙන් නඩු නොපවරණ ලෙසත් බස් සහ ත්‍රීරෝද රථ හිමියන්ට නීතිමය වැඩපිළිවෙලට අනුගත වීම සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here