බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් වැටී 16 හැවිරිදි දැරියක මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, බොරැල්ල සර්පනටයින් පාර පදිංචිකාරියකි.
බිමට වැටී දැරිය බරපතල තත්ත්වයෙන් සිටි කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවට පොලිසි ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.
මියගිය දැරිය කලක සිට මානසික ආතතියකින් පෙළීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවට ඇගේ මව ප්‍රකාශ ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
දැරිය එම මහලේ බැල්කියෙන් බිමට පැන ඇද්ද ? එසේ නැතහොත් වැටී ඇද්ද ? යන්න පිළිබඳ අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව බොරැල්ල පොලිසිය පවසනවා.