සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා.
අමාත්‍යාංශය සඳහන් කළේ එම බදු ඉහළ නැංවීම අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි.
ඒ අනුව අති විශේෂ (ගල් අරක්කු) මත්පැන් බෝතලයක මිල රුපියල් 106 කින් පමණ ඉහළ යනු ඇති.
පවත්නා ආර්ථික තත්ත්වය හමුවේ මත්පැන් පරිභෝජනය විශාල වශයෙන් පහළ යෑම හේතුවෙන් පසුගිය කාලය පුරාවටම සුරාබදු ආදායම පහළ වැටුණා.
මේ හේතුවෙන් අනවසර මත්පැන් පරිභෝජනය ඉහළ ගිය අතර මේ හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටළුද වාර්තා වුණා.
කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පසුගියදා යෝජනා කළේ ලංකා සීනි සමාගමේ නිපදවන එතනෝල් ඇසුරෙන් මිල අඩු මිල මත්පැන් හදුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
තවද හෙට 11 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස ඉහළ දමා තිබෙන බවයි පැවසෙන්නේ.
CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.