ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ නියෝජනය කරන තරුණ පිරිසක් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව මල්වතු පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ රාමඤ්ඤ නිකායේ අනුනායක ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක දැනුවත් කර තිබෙනවා.
ඊට අමතරව මෙම පිරිස අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමියන් ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කර තිබෙනවා.
එහිදී ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කිරීමට මෙහිදී මහා සංඝරත්නය එකඟ වී තිබෙන බවත් සඳහන්