පානදුර ප්‍රසිද්ධ හෝටලයක මාළු පාන් ගෙඩියකින් ලයිටරයක කොටස් මතුවූ පුවතක් පානදුරින් වාර්තා වෙනවා.
පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මංජුල පෙරේරා යන අය (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ආහාරය සදහා මාළු පාන් ගෙඩි දෙකක් මිළදීගෙන ඇති අතර , බාල පුත්‍රයා මාළුපාන් ගෙඩියේ කොටසක් ආහාරයට ගැනීමේදී ලයිටරයක ලෝහමය කොටස් මතුවී තිබේ.
මංජුල පෙරේරා මහතා ඒ මොහොතේම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාව දැනුවත් කර ඇති අතර, ඔහු දැනුම් දී ඇත්තේ තමන් නිවාඩු බවත් , පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසත්ය.
ඒ අනුව දැරියගේ පියා පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත ගොස් ඇති අතර ,පැමිණිල්ල භාර නොගෙන ඔහුව ආපසු හරවා යැවූ බව මංජුල මහතා පැවසීය .
මාළු පාන් ගෙඩිය මිලදී ගත් පුද්ගලයන්ට පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කොට ඇත්තේ එම මාළු පාන් ගෙඩිය මිලදී ගත් බේකරිය පානදුර නගර සභා සීමාවේ ඇති බේකරියක් බවත් නගර සභාවට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඒ බව දැනුම් දෙන ලෙසත්ය.
(සම්පත් කුලරත්න – කළුතර)