තම මියගිය අලුත උපන් පැටවාගේ සිරුර හිස මත තබාගෙන සැතපුම් 1,000ට වඩා වැඩි දුරක් පිහිනා යන තල්මස් මවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටෙල්ක්වා ලෙස ප්‍රසිද්ධ මෙම තල්මස් මවගේ පැටියා අලුත් අවුරුදු දා මියගොස් ඇති බවයි වොෂිංටන් ප්‍රාන්තයේ තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය පැවසුවේ.

පසුගිය දෙසැම්බර් 20 වනිදා පළමුවරට නිරීක්ෂණය කරන අවස්ථාවේ පැටියා ජීවතුන් අතර සිටි බවත් වොෂිංටන් ප්‍රාන්තයේ තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත් පසුගිය පළමුවනදා මෙම තල්මසා තම පැටවාගේ මියගිය සිරුර හිස මත තබාගෙන සියැටල් මුහුදේ පිහිනන අයුරු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ පර්යේෂකයන් ඡායාරූප ගතකර තිබෙනවා.

2018 වසරේ දී ද මෙම තල්මස් මව මේ ආකාරයෙන්ම මියගිය තම පැටවාගේ සිරුර හිසෙන් තල්ලු කරමින් දින 17ක් සැතපුම් දහස් ගණනක් පීනා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඇයට මේ වනවිට ලේඛනගත පැටවුන් දෙදෙනෙකු අහිමි වී ඇති අතර, ඔවුන් දෙදෙනාම ගැහැණු සතුන් බවයි වාර්තා වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here