අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ලැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නිසා එය පාලනය කිරීමට ඇති හැකියාව ශුන්‍ය බවයි එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

මේ හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරී ළැව් ගින්න ලෙසින් මෙය සැලකෙන අතර, මෙම තත්ත්වය ලොස් ඇන්ජලීස්වලට අමතරව අසල්වැසි ප්‍රාන්තවලටද බලපා ඇති අතර, අවම වශයෙන් ළැව් ගිනි පහක් පැතිර යමින් පවතින බව වාර්තා වේ.

සීඝ්‍රයෙන් පැතිරෙන මෙම ළැව් ගින්න පාලනය කිරීමට හෙලිකොප්ටර් මගින් ජලය හෙලීම සිදුවුවත්, දැඩි සුළං නිසා එය මුළුමනින්ම නිවා දැමීමට හැකියාවක් ලැබී නොමැත.

හොලිවුඩ් පුරවරයේ සුප්‍රකට නළු නිළියන් ඇතුළු සිනමා ශිල්පීන්ගේ නිවහන් පිහිටි ප්‍රදේශවලින්ද ඔවුන්ට ඉවත්වන ලෙස දැනුම් දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ලැව්ගින්න නිසා නිවාස අහිමිවූ පිරිස් අතර හොලිවුඩ් පුරයේ ප්‍රකට සිනමා ශිල්පීන් සහ ප්‍රකට පුද්ගලයින් රැසක් සිටින බවයි සඳහන් වන්නේ.

ජෙනිෆර් ඇනිස්ටන්, බ්‍රැඩ්ලි කූපර්, ටොම් හෑන්ක්ස්,බිලී ක්‍රිස්ටල්, පැරිස් සිල්ටන්, ජේම්ස් වුඩ්, රීස් විදර්ස්පූන්, ඇඩම් සැන්ට්ලර් ඒ අතර වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here