ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කර , ඒවායේ ශ්‍රී ලංකා ජාතික ධජය එසවීම තම එකම බලාපොරොත්තුව සහ අභිලාෂය බව ශ්‍රී ලාංකික කඳු තරණය කරන්නෙකු වන යොහාන් පීරිස් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ,ඇන්ටාටිකාවේ උසම කඳු මුදුන වන මීටර් 4,690 ක් උස මවුන්ට් වින්සන්ට් තරණය කිරීම සදහා අද අලුයම දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ දීය.

ඔහු මේ වනවිට ඕස්ට්‍රේලියාවේ කොසිඔස්කෝ , අප්‍රිකාවේ කිලිමැන්ජාරෝ , යුරෝපයේ එල්බ්‍රෙස් සහ ආසියාවේ එවරස්ට් යන කඳු හතර සාර්ථකව තරණය කර තිබෙන අයෙකි.

මීට අමතරව ආජෙන්ටිනාවේ ඇකන්කගුවා සහ ඇලෙස්කාවේ මවුන්ට් දිනාලි කඳු මුදුන් තරණය කිරීමට ඔහුට තවදුරටත් ඉතිරි වී ඇති අභියෝගය වේ.

යොහාන් පීරිස් කොළඹ , බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here