පාදුක්ක ගොවි ජනසේවා මධ්‍යස්ථානයට අයත් කුඹුරු අක්කර 1800ක රජය මගින් ලබා දෙන පොහොර සහනාධාරයත් සමග මහ කන්නය සඳහා සාර්ථකව වී වගාව ආරම්භ කර තිබෙනවා.

මේ වන විට පීදිමට ආසන්නයේ පැවතෙන බන්ඩි ගොයම සඳහා රජය මඟින් ලබා දෙන පොහොර සහනාධාරය හෙට්ටයාරයකට රුපියල් 25000ක පොහොර සහනාධාරයත් මේ වන විට ගොවීන්ට ලබා දී ඇති බව පාදුක්ක ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙක් සඳහන් කළා.

බණ්ඩි ගොයම සඳහා පොහොර ලබාදීම ගොවි සංවිධාන හරහා ඊයේ (05) දිනත් සිදුකෙරුණා.

පොහොර සහනාධාරය ලැබීමත් සමග ගොවීන් විශාල උනන්දුවකින් වී වගාව සඳහා නිරත වී ඇති බව ඔවුන් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළා.

පාදුක්ක ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අයත් කුඹුරු අක්කර 2500 කට වැඩි කොටසක් තිබුණත් වගා කෙරෙන්නේ අක්කර 1800 ක් පමණ වන බවයි පාදුක්ක ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙක් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here