රජයේ ආයතනවල ඉවතලන කඩදාසි වාලච්චේන කඩදාසි කම්හල වෙත භාරදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග අත්‍යවශ්‍ය වන බවයි සඳහන් වන්නේ .

ඒ සඳහා රජයේ ආයතනවල ඉවතලන කඩදාසි ලබාදීමෙන් ප්‍රමාණවත් සහ අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුමක් සිදුවන බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව, රජයේ මුද්‍රණාලය , රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව , මැතිවරණ කොමිෂන් සභාව , අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ වන ආයතන ,  විශ්වවිද්‍යාල , රජයේ සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තතු වලින් බැහැර කෙරෙන කඩදාසි තොග මේ සඳහා ලබා ගැනීමට නියමිතයි.

ඒ අදාළ ප්‍රවාහන පහසුකම් සැපයීම කඩදාසි සමාගම මගින් සිදුකිරීමේ පදනම මතයි.

එමෙන්ම, අනෙකුත් රාජ්‍ය සංස්ථා , මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සහ රජයට අනුබද්ධ ආයතනවල ඉවතලන කඩදාසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ජාතික කඩදාසි සමාගම වෙත සහනදායී මිලකට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here