එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සහ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී අද (3) නව වසරේ වැඩ ඇරඹීය.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප නිලධාරීහුද හිටපු සහ වත්මන් රාජ්‍ය නිලධාරීහුද පාක්ෂිකයෝද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.