ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, රජය විසින් 2024 වසරේදී රේගුව සඳහා ලබා දී තිබූ රුපියල් ට්‍රිලියන 1.533ක ආදායම් ඉලක්කය ආසන්නය දක්වා පැමිණීමට එම දෙපාර්තුමේන්තුව සමත්ව තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසන්නේ, රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහළ යාම හා රේගු කළමනාකාරිත්වය විසින් සිදුකරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ශම කිරීම මේ සඳහා බලපා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here