ආගරපතන පොලිස් වසමට අයත් ග්ලාස්ගෝ වත්තේ වතු බංගාවේ ගංජා පැළ වගා කර තිබු සහකාර වතු අධිකාරිවරයා (01) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව ආගරපතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
සහකාර වතු අධිකාරිවරයා ඔහුගේ නිල වතු බංගලාවේ පාත්තියක් සකස් කර අවාරණය කර ගංජා පැළ රෝපණය කර තිබු බවත්, එසේ රෝපණය කර තිබු ගංජා පැළ අඩි දෙකක් පමණ උසට වැවි තිබෙන බවට පොලිසියට ලද තොරතුරක් මත වැටිලිමක් සිදු කර සහකාර වතු අධිකාරිවරයාව සැකපිට අත්අඩංගුවට ගත් බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
සැකකරු විසින් ගංජා පැළ 11 ක් වගා කර තිබු බවත්, එම පැළ සියල්ල පොලිස් භාරයට ගත් බවත්, සැකකරු (02) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.
(හැටන් රංජිත් රාජපක්ෂ)