වන අලින්ගේ ගමන් මාර්ගය හඳුනාගැනීම සඳහා ජීපීඑස් තාක්ෂණය සහිත කොලරය වන අලින්ට පැළදවීම ආරම්භ කර තිබෙනවා.

වන අලීන් ගම්වැදීම හේතුවෙන් අනුරාධපුර, පොළොන්නරුව ඇතුළු බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

තන්තිරිමලය ඔයාමඩුව ප්‍රදේශයේ රැඳී සිටිමින් වගාවන්ට හානි කරන වන අලින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පළවා හැරීමේ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කෙරුණා.

ඒ අනුව වන අලීන් විශාල සංඛ්‍යාවක් ඔයාමඩුව පශු සම්පත් මධ්‍යස්ථාන භූමිය අවට ප්‍රදේශයේ රැඳී සිටින අතර එම සත්වයින් එම ප්‍රදේශයේ වගාවන්වලට හානි සිදුකරන බවටයි ගොවි ජනතාව චෝදනා කරන්නේ.

ඒ අනුව වන අලීන් විල්පත්තු වනෝද්‍යානයට පළවා හැරීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා අලින්ගේ ගමන් මාර්ගය හඳුනාගැනීමට ජී පී එස් තාක්ෂණය සහිත විශේෂ කොළරය පැළදවීම ආරම්භ කර තිබෙනවා.

අලි රංචුවේ ප්‍රධාන අලියාට හෝ ඇතින්නට මෙම කොලරය පළදවන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

මෙම වැඩපිළිවෙල සඳහා අලීන් ගැවසෙන ප්‍රදේශ හඳුනාගැනීමට ඩ්‍රෝන කැමරා යොදාගෙන තිබෙනවා.

ඒ සඳහා ගුවන් හමුදාව සහාය ලබා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here