චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි.

මේ අතර රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් චීන රජය ප්‍රකාශ කර ඇත්තේ චීනයට සංචාරය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බවත් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍ය පිළිබඳව තමන් සහතික වන බවයි.

Human Metapneumovirus – HMPV – නමැති වයිරසය චීනයේ පැතිර යමින් පවතින අතර මෙය ස්වසන අපහසුතා ඇති කරන උණ හෙම්බිරිස්සාවක්.

‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීනයේ වයිරසයක් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් මේවනවිට මුළු ලොවට දැඩි අවදානයෙන් පසුවන බවද වැඩිදුරටත් වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here