අද (03) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් පෙන්නුම් කළා.
ඒ, අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගියා.
අද දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42ක් ලෙසින් සටහන්ව පැවතියා.
මේ අතර එස් ඇන්ඩ් පී එස්එල් 20 දර්ශකය අද දිනය තුළ ඒකක 46.05කින් පහළ ගොස් ඒකක 4,925.82ක් ලෙස වාර්තා වී තිබුණා.
මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් පෙන්නුම් කළේ දින 27ක් පුරාවට අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් කළ පසුබිමකයි.