වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම පදිංචිව සිටි අකාෂ් තාරුක් නමැති 28 හැවිරිදි පුද්ගලයෙක්.

යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ටී 56 ගිනි අවියකින් මෙම වැඩිතැබීම සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත්, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැලිගම වලාන රෝහල වෙත රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

වැලිගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here