සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව, පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 37 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස්කළේය.

එහිදී නවසීලන්තය වෙනුවෙන් රචින් රවීන්ද්‍ර ලකුණු 79ක් රැස්කළ අතර මාර්ක් චැප්මන් ලකුණු 62ක් රැස්කළේය.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 44කට කඩුලු 04ක් දවාගත් අතර වනිඳු හසරංග කඩුලු 02ක් දවාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here