එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා වන ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

Pat Cummins මෙම සංචාරයට එක් නොවන අතර, වැඩබලන නායකයා ලෙස Steve Smith පත්කර තිබෙනවා.

වමත් පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Cooper Connolly පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවීමට පියවර ගෙන ඇති අතර, ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් Mitchell Marsh ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත්, තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ජනවාරි 29 වැනිදා සිට ගාලු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here