සහල් ආනයනයට දී තිබූ කාලය අද(10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

එම කාලයෙන් අනතුරුව දිවයිනට ළඟා වන සහල් තොග හරවා යවන බවයි වෙළෙඳ පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ අතර, සහල් ආනයනට දුන් අවස්ථාව යොදා උපයෝගි කර ගනිමින් මේ වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 25,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ මැදිහත්වීමෙන් දිවයිනට ආනයනය කළ සහල් තොගයේ බර මෙට්‍රික් ටොන් 5000කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here