රජය ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම අද(01) සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය මේ වනවිට දිවයිනට ලැබී ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
එහි සහල් මෙට්‍රික්ටොන් 780ක් වේ.
ඉන් සහල් මෙට්‍රික්ටොන් 200ක් ලක් සතොස හරහා අලෙවි කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
සභාපතිවරයා පැවසුවේ, තවත් සහල් මෙට්‍රික්ටොන් 26000ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බවයි.
මේ අතර පෞද්ගලික අංශය මගින් ඇණවුම් කළ සහල් මෙට්‍රික්ටොන් 80000ක් වෙළෙඳපොළට මුදා හැර ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ය.