හැටන් පෞද්ගලික බස් රථ අනතුරේ රියදුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැර යලිත් මෙම නඩුව 2025.05.06 දින කැදවිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා (07) දින නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ නාවලපිටිය නවතිස්පනේ ප්‍රදේශයේ පදිංචි රම්බොඩගෙදර ප්‍රසන්න බණ්ඩාර (46) හැවිරිදි අයයි.

සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි (07) දින අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේ මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට රු ලක්ෂ දහය බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැර, සැකකරු සෑම මසකම අවසන් ඉරුදින හැටන් පොලිසියේ පෙනි සිට අත්සන් කරන ලෙසට නියෝග කළේය.

සැකකාර රියදුරාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටවා ඇති අතර, බස් රථයේ හිමිකරුද (07) දින අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේ සැකකරුටද රු ලක්ෂ දහය බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැර යලිත් මෙම නඩුව 2025.05.06 දින කැදවිමටත්, එම කාලය තුල සැකකාර හිමිකරු සෑම මසකම අවසන් ඉරුදින හැටන් පොලිසියේ පෙනි සිට අත්සන් කරන ලෙසට නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ අනතුරට පත් බස් රථයේ හිමිකරු වන මහනුවර ප්‍රදේශයේ පදිංචි විජේරත්න යන අයයි.

අනතුරට පත් බස් රථයද බැදුම්කරයක් මත හිමිකරුට මුදා හැරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here