මැලේසියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කළා.

කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරන අතර, උපනායකත්වය දරන්නේ මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දියි.

එමෙන්ම මෙම සංචිතයට හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද ඇතුළත්.

කණ්ඩායම් 16 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ජනවාරි 18 වනදා ආරම්භ වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here