බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහලන්ද ග්‍රාම නිලධාරි වසමේ පවුල් 237කට සෙත සැලසෙන තෙකලා විදුලිය ලබා දීමේ ව්‍යාපෘතිය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මෙහෙයවීමෙන් නවතා දැමීමට කටයුතු කරන බව හා දැනට වසට 40කට ආසන්න කාලයක් සශ්‍රීකව වී අඹ හා නොයෙකුත් පැවිලි භෝග වගා කරන වගා බිම් අක්කර පනස්දසකට අධික භූමි ප්‍රමාණයක් ඔහුගේ හිතවත් පාක්ෂිකයන් පිරිසකට බෙදා දීමේ අරමුණින් රක්ෂිතයක් ලෙස නම් කිරීමට උත්සහ දරනවා යැයි පවසමින් එයට විරෝධය පාමින් පවුල් ගම්වාසීන් අද (06) උදෑසන සිංහලයා ගම යනුවෙන් හඳුන්වනු ලබන අන්නාසිගල ග්‍රාමයේදී විරෝධතාවයක් පැවැත්විය.
මෙම විරෝධතාවය අන්නාසිගල එකමුතු ගොවි සංවිධාන විසින් සංවිධානය කර තිබූ අතර විරෝධතාවය සඳහා ගොවියන් හා ග්‍රාමීය ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
විරෝධතාවයට එක්වෙමින් අදහස් දැක්වූ ගොවි මහතුන් කියා සිටියේ ,
1970 ඉදන් ගොවි තැන් කරපු අති විශාල භූමි කොටසට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයෙන් හා රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන්ගේ ආන්ඩු කාලේ විදුලිය දෙන්න ව්‍යාපෘතිය අනුමත වෙලා සියයට අසූවක් වැඩ ඉවර වෙලා තියෙද්දි තමා නව රජයේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා මේ ව්‍යාපෘතිය නවත්තන්න හදන්නේ ගමේ එයාලගේ පක්ශේ ප්‍රධාන ආධාර කරුවන්ට ඉඩම් බෙදා දීමේ උවමනාවට.සමන්ත විද්‍යාරත්න ඇමතිවරයාටයි හිටපු ආණ්ඩුකාරවරයෙකු වන කීර්ති තෙන්නකෝන් අතර තියෙන දේශපාලනික කෝන්තරයක් හා හුදකටයක් තමයි අපෙන් මේ පලිගන්න හදන්නේ.අපේ ගමේ මායිම් වෙන්න කීර්ති තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාරවරයාටත් අක්කර 15ක ඉඩම් කොටසක් තියෙනවා ඒ ඉඩම් කොටස ඔහු ගත්තේ මුදලට ද නැත්නම් බලෙන් අල්ල ගත්ත එකක්ද කියලා අපි දන්නේ නෑ අමාත්‍යවරයා ඒ ප්‍රශ්නෙ විසඳගන්න ඕන හිටපු ආණ්ඩුකාරවරයා එක්ක මිස අපිත් එක්ක නෙමෙයි.රටේ ජනතාව දැඩි විශ්වාසයක් තියලා තමයි රටේ ජනාධිපතිවරයා බවට අනුර කුමාර දිසානායක මහතා පත්කර ගත් ඔහුගේ ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරයෙකු මේ වගේ ක්‍රියාවක් කිරීම ඇත්තටම නින්දිත කරුණක්.අවසානයට පැවැති රජයන් දෙකේම මූලිකත්වයෙන් කෝටි දොළහක පිරිවැයකින් ගමට විදුලිය දෙන්න සැලසුම් කරලා මේ වන විට සීයට අසූවක් වැඩ අවසන් කරලයි තියෙන්නේ මේ විදුලි ව්‍යාපෘතිය.තව ඉතිරි වෙලා තියෙන්නේ අධිබලැති විදුලි රැහැයෙන් ඇද ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම පමණයි.මේ පොඩි වැඩේ නොකර සම්පූර්ණ ව්‍යාපෘතියේ මෙතෙක් සිදුකළ වැඩ ඔක්කොම නතර කරලා හිටවපු කනුයි වෙළපු වයරුයි ආය අහකුල ගෙන යනවා කියන්නේ මේකේ තේරුම මොකක්ද.අපි අවුරුදු තිහකට වැඩිය හතලිහකට කිට්ටු කාලයක් මේකේ ගොවිතැන් කරනවා ඒ ගොවිතැන් කරලා අපි පදිංචිව හිටපු නිසා තමයි විදුලි බලයත් අපට ලබා දෙන්න සුදුසුයි කියලා නිර්දේශ වුණේ දැන් මේ කියන අලුත්ම කතාව තමයි රක්ෂිතයකට අයිති ඉඩමක් කියලා මේක රක්ෂිතයට අයිති ඉඩමක් නම් විදුලි බලය අනුමත කරපු සියලුම රජ්ජලිකාරීන් වැරදියිද ? කියලා අපිහන්නේ ,රක්ෂිතයකට ගන්න කියලා අපිව එලවගෙන මේක පාක්ෂිකයන්ට බෙදලා දෙන්න අපි සමන්ත විද්‍යා රත්න අමාත්‍යවරයාට ඉඩ දෙන්නේ නැහැ.ගරු ජනාධිපතිතුමනි මේ කරුණ ගැන ගරු ඔබතුමන්ගේ අවධානය යොමු කරලා මේ අහිංසක ගොවියන්ගේ ඉල්ලීම ඉෂ්ට කරල දෙන්න කියලා අපි ඉල්ලනවා.අපි ජනාධිපතිවරයා ගැන විශ්වාසය තියෙන නිසා තමයි මේ ඉල්ලීම සිදු කරන්නේ අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මේකට හරි විසඳුමක් ලැබෙයි කියලා .
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)