ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

එම උත්සවයේ ගෙවීම් ලෙස අනුමත වී තිබුණේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බවත් එයද තවමත් ගෙවා නොමැති බවත් හෙතෙම අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද්දේ එම උත්සවයට අදාළ මිල ගණන් කැඳවීමේ ලේඛනයක් බවද හෙතෙම සඳහන් කළේය.

ඒවායේ ඉහළ මිල ගණන් නිසා ඒවා රජය විසින් ලබා නොගත් බවත් පැවසූ හෙතෙම එම උත්සවය සඳහා රුපියල් ලක්ෂණ නවයකට වඩා රජය සතයක්වත් වියදම් කර නැති බවද තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here