ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරාට වන සාවිත්‍ර සිල්වාට ඊයේ රාත්‍රී 7.30ට පමණ තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල ව තිබෙනවා.

පාතාලයට සම්බන්ධ යැයි කියන ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා යන අය විසින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග එක්ව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සාවිත්‍ර සිල්වා මොරටුව ලුනාව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here