හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා, බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර 18 ක් ඔහුගේ නමට ලියාගෙන ඇතැයි, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා චෝදනා කරයි. 

ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා ලිඛිත සාක්ෂ්‍ය ඉදිරිපත් කරමින් මේ බව අනාවරණය කළේ ය. 

හිටපු ආණ්ඩුකාරවරයා මෙම ඉඩම් අක්කර දහ අට ලියාගෙන ඇත්තේ, එම ඉඩම් අක්කර දහඅටේ අයිතිකරු ඔහු බව හෙළිවීම ඔහුට හැකි උපරිම ආකාරයෙන් සගවමිනි. 

එහිදී ඔහු ඔහුගේ නම සදහන් කර ඇත්තේ ඒ ඔහු ජනතාව අතර ප්‍රසිද්ධ රන්ජිත් කීර්ති තෙන්නකෝන් යන නම එක වර හෙළි නොවන ආකරයට වන අතර, ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය සදහන් කර තිබෙන්නේ ද එක් අංකයක් වැඩියෙන් දමා ජනතාව නොමග යන ආකාරයෙනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here