ප්‍රබල පාතාල කල්ලි නායකයෙකුවන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සේවය
අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා හිටපු ඇමති ටිරාන් අලස්ට බරපතල
චෝදනාවක් එල්ල කරනවා.
තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටින නදුන් චින්තක
වික්‍රමරත්න හෙවත් හරක් කටා අද (14) කොළොඹ මහාධිකරණය වෙත දැඩි ආරක්ෂක රැකවල්
මැද රැගෙන එනු ලැබුවා.
අධිකාරණ ශාලාව වෙත රැගෙන යන අතර තුර මාධ්‍ය වේදීන් … “කියන්න යමක් තිබේදැයි” විමසුවිට
” කියන්න දෙයක් තිබෙනවා …එනගමන් කියන්නම් ” කියමින් හරක් කටා අධිකරණ ශාලාව වෙත
ගමන් කළා….
නැවත අධිකරණ ශාලාවෙන් පිටව යන හරක් කටා (හඬනගා ) දෙෂබන්දුට හා ටිරාන් අලස්ට
චෝදනාවක් එල්ල කළා ” රුපියල් කෝටියක් වියදම් කරලා මම තංගල්ලේ රඳවාගෙන ඉන්නේ
දෙෂබන්දුටයි ටිරාන් අලස්ටයි රුපියල් කෝටි 30 ක් දුනේ නැති නිසා… ඒක දාන්න “