උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට අත්කර ගැනීමේ කිසිදු අරමුණක් රජයට නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
රජයේ ඉලක්කය වී ඇත්තේ ජනතාවගේ ඉඩම් කඩිනමින්ම ඔවුන් වෙත පවරාදීම බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටින්නේ.
උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටලුව විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
ඊට එක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ මෙතෙක් කලක් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරීමට පැවති රජයන් ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳ ජනතාවට සැක මතුව ඇති බවයි.
එම ජනතාවට තම ඉඩම් අයිතිය ඔප්පු කිරීමට ලේඛණ කිසිවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දුන්නා.
ඒ සඳහා ජනතා විශ්වාසය දිනගත් ක්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි ඔවුන් කියා සිටියේ.
ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ජනතාවගේ සැකය නැතිවන පරිදි නිසි ක්‍රමවේදයක් හදුන්වාදෙමින් එම ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාකරන බවයි.
ජනතාව සහ අදාළ අංහ සමග සාකච්ඡා කර ඉදිරියේදී විසඳුමක් ලබාදීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.
ඒ සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.