ගෝමරන්කඩවල ඉදිකටුවැව ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් දරුවෙකු ජිවිතක්ෂයට
පත්වී තිබෙනවා.
අද (24) උදෑසන කාලයේ ගෝමරන්කඩවල පොලිස් වසමේ ඉදිකටුවැව ප්‍රදේශයේදී මෙම දරුවා
තම පියා සමඟ ප්‍රධාන මාර්ගයට පාපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයකට
ලක්ව ඇති බව පැවසෙනවා.
වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 08 හැවිරිදි ඉදිකටු වැව ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගෝමරන්කඩවල
පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා