දකුණු මුදෙදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග සමග බහුදින ධීවර යාත්‍රා දෙක මේ වන
විට දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් විමර්ශන කෙරෙමින් පවතිනවා.
ඊයේ (27) දිවයිනට දකුණු දෙසින් ගැඹුරු මුහුදේදී සිදුකළ මෙහෙයුමකින් පසු මෙම බහුදින
ධීවර යාත්‍රා දෙක අත්ඩංගුවට ගනු ලැබුවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ
මෙම මෙහෙයුමට ජාත්‍යන්තර වශයෙන්ද සහයෝගය ලැබී තිබෙනවා.
මෙම බහුදින ධීවර යාත්‍රා දෙක අත්අඩංගුවට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව
නාවික හමුදා ප්‍රකාශකයෙකු පැවසුවා.
මෙම බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇති අතර මත්ද්‍රව්‍ය කිලෝ
ග්‍රෑම් 400 කට වඩි ප්‍රමාණය ඇති බවට සැකකරන අතර අද (28) උදැසන දික්ඕවිට ධීවර වරාය
වෙත රැගෙන ආ බහුදින ධීවර යාත්‍රා දෙකෙ පරික්ෂාවට ලක්කෙරෙමින් පවතිනවා.
වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.