අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇති මහින්දානන්ද
අලුත්ගමගේ අද (19) පෙරවරුවේ නිතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමට
කටයුතු කොට තිබෙනවා.

බාල පොහොර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රක්ෂයක්
ලබා ගැනීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට
කොමිසන් සභාව කළ දැනුම්දීමක් නොතකා එකී දැනුම් දීම කළ දිනයේදී එනම් පසුගිය්
4 වනදා පෙනී නොසිටි බව පෙන්වා දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලක බැලු
ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළා.

මහිදානන්ද අලුත්ගමගේ මහතා මේ වනවිට තම එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට
ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළොඹ ප්‍රධාන
මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ ගොනූ කොට ඇති අතර එය සලකා බැලීමද අද (19)
සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here