ශ්‍රී ලංකා පොලීසිය ලෙස රට තුල මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිරන්තරවම මෙහෙයුම්
සිදු කරනු ලබනවා.
ඒ අනුව ජනවාරි පළමුවන (2025.01.01) දින සිට මැයි 18 වන (2025.05.18) දින දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ
කාර්යංශය ඇතුළු දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාස මගින් සිදු කරන ලද වැටලීම් වලින් හෙරොයින්
කිලෝග්‍රෑම් 402 ක්, අයිස් කිලෝග්‍රෑම් 853 ක් හා ගජා කිලෝග්‍රෑම් 7.267 ක් පොලිස් භාරයට ගෙන තිබෙනා.
එමෙන්ම මීට සම්බන්ධ සැකකරුවන් 66,000 කට ආසන්න සංසංඛ්‍යාවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක
කර ඔවුන් අධිකරණය හමුවට පැමිණි වීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග පැවසුවා.
ශ්‍රී ලංකාව තුල සුළු හා මහා පරිමාන වශයෙන් මෙන්ම විදේශ ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන
තැනැත්තන් නීතිය හමුවට ගෙන ඒමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර විශේෂයෙන් විදේශ රටවල්
සමඟ සාකච්ඡා කර රාජ්‍යත්‍රාන්තික වශයෙන් කටයුතු කරමින් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා
ගැනීමේ වැඩපිළිවලක්ද ක්‍රියාත්මකවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග මහතා
වැඩිදුරටත් පැවසුවා.