මෙරට සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පසුගිය මාසයේදී සිදුව තිබෙනවා.
මහ බැංකුව ප්‍රකාශ කළේ, උත්සව සමය හේතුවෙන් තොග සහ සිල්ලර වෙළෙඳාම සම්බන්ධ ක්‍රියාකාරකම් සැලකිය යුතු වර්ධනයක් දැක්වූ බවයි.
අමෙරිකාවේ නව තීරු බදු සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවද සේවා ක්‍රියාකාරකම්වලට බලපා තිබෙනවා.
කෙසේ වෙතත්, නව ව්‍යාපාර, සේවා නියුක්තිය මෙන්ම අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් යන අංශ 03 ම වර්ධනයක් පෙන්නුම් කළා.