විපක්ෂයේ හඬ යටපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එය දිගින් දිගටම
සිදු වන්නේනම් එයට එරෙහිව විපක්ෂයක් ලෙස කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී
දයාසිරි ජයසේකර පවසනවා.

දිගින් දිගටම ආණ්ඩුව විපක්ෂයේ හඬ යටපත් කිරීමට කටයුතු කරන්නේනම් ඒ පිළිබඳව
අන්තර් පාර්ලිමේන්තු සංගමයටත් ජිනීවා මානව හිමිකම් කමිටුවටත් පැමිණිලි කිරීමට
විපක්ෂයක් ලෙස කටයුතු කරන බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

වර්තමාන සභානායකවරයාගේ හැසිරීම කණගාටුදායක බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව කියාසිටියේ අද (24) මාධ්‍ය හමුවකදී අදහස්
දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේද පැවසීය …..
“ජනාධිපති අරමුදලින් මම මුදල් වංචා කළ බවට… දිගින් දිගටම … චෝදනා කරනවා … මට
මගේ දේශපාලන ජිවිතයේ …. මම අභියෝග කරනවා … පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට
මුවා වෙන්නේ නැතිව එලියට ඇවිල්ලා කියන්න … ජනාධිපති අරමුදලේ මුදල් වංචා කළා …
හොරෙක් කියලා කියන්න …. ඊට පසුව ගන්න ඕන … නීතිමය ක්‍රියාමාර්ග ගන්නම් …. එහෙම
නැතුව තමයි …ඔහු මෙලෙස හැසිරෙන්නේ …..

මම 1994 සිට ජි.එල්. පිරිස් ඇමතිතුමාගේ ලේකම්වරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ගිහින්
තියෙනවා…. සභානායකවරු මම දැකලා තිබෙනවා …. මෙවැනි සභානායකවරයෙක් …දැකලා
නැ …. සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තමයි … විපක්ෂයත් එක්ක ……
ගැටෙන්නේ …. සභානායක කියන්නේ ඉතා ගෞරවනීය තනතුරක් …. ඒ ගෞරවනීය බව …
ආරක්ෂා කරමින් කටයුතු කරනවා …. කිසියම් වෙලාවක ලොකු වාදයක් … ගියොත් තමයි …
සභානායක නැගිටලා … කරුණු ඉදිරිපත් කරන්නේ …. 159 ටම නායකත්වය දෙන …..
සභානායකවරයා ….. මේ විදිහට හැසිරීම කණගාටුදායක තත්වයක් … … ඔහු දිගින් දිගටම
උදේ සිට හවස්වෙනකම් බාධා කිරීම් කරනවා …..

මම ඇහුවා ..ඔහුගේ මයික් එක (මයික්‍ර ෆෝනය ) ඔන් කරලා … ඒ ඇයි ….කියලා …. ඔහුගේ
කතාවේ ඔහු කියුවා ….ඒක … ඕන් …. කරන්න පුළුවන් … මම කතානායක නිසා … කියලා ..
එකෙන් අදහස් වෙන්නේ ඔහු … සභානායක … කතානායක දෙකම කරනවා ….. විපක්ෂයේ
හඬ … මර්ධනය කිරීම සඳහා … කිසිම වෙලාවක මහජනතාවගේ ප්‍රශ්නයක් … කතා කරන්න
දෙන්නේ නැ …. මේකට ඉඩක් තිබුනා ඉතිහාසයේ … මේක සම්ප්‍රදායක් ….

වර්තමාන කතානායක හා සභානායක මේක යටපත් කරලා වැඩ කරන තත්ත්වයක් ….
අපි දකින්නේ … විපක්ෂයේ හඬ අවදිකරන කිහිප දෙනා ….අල්ලාගෙන ඔවුන් මර්ධනය කරන්න
කටයුතු කරනවා “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here