ඉන්දීය කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා සහභාගි වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.
බෙන් ස්ටෝක්ස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විතය.
තරග 5කින් සමන්විත දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 20 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ එංගලන්ත සංචිතය
ෂොයිබ් බෂීර්, ජේකොබ් බෙතෙල්, හැරී බෲක්, බ්‍රයිඩන් කාර්ස්, සෑම් කුක්, සැක් ක්‍රෝලි, බෙන් ඩකට්, ජේමි ඕවර්ටන්, ඔලී පෝප්, ජෝ රූට්, ජේමි ස්මිත් (කඩුලු රකින්නා), බෙන් ස්ටෝක්ස් (නායක), ජොෂ් ටොන්ග්, ක්‍රිස් වෝක්ස්.