විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද(11) අළුයම කාලයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පැමිණිමේ
පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල එකකයේ නිලධාරින් ලැබුණු
තොරතුරක් මත වැල්ලීමක් සිදුකර සැකකටයුතු ඉන්දීය ජාතිකයෙකු පරික්ෂාවට ලක්කොට
තිබෙනවා.

එහිදී නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි 15 000 (කාටුන් 75) ක් අත්අඩංගුවට
ගැනීමට හැකිවුණා.

ඒ අනුව සැකකාර 45 හැවිරිදි ඉන්දිය ජාතිකයා අතදන්ගුඅවට ගත් අතර පොලිය මත්ද්‍රව්‍ය
කාර්යාංශයේ ගුවන්තොටුපල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here