පසුගිය වසරේ නත්තල් දිනයේදී සහ මේ වසරේ නිදහස් දිනදීනයේදී සිරකරුවන් 70 වකට
අසන්න සංඛ්‍යාවක් ජනාධිපති පොදු සමාවට මුවාවී අනීතිකව නිදහස් කර ඇති බව
අනාවරණය වී තිබෙනවා.

පසුගිය වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන්
තුන්සිය තිස් අට දෙනකු (338) නිදහස් කළ අවස්ථාවේදී අනුරාධපුර බන්ධනාගාරයේ සිර –
කරුවෙකු අනීතික ලෙස නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් සේවය අත්හිටුවා
ඇති බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අද (10) කොළඹ අතිරේඛ
මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම තොරතුරු
අනාවරණය වුණා.

2024 දෙසැම්බර් 25 වන දින නත්තල් උත්සවය වෙනුවෙන් සිරකරුවන් 332 දෙනෙකුට
ජනාධිපති පොදු සමාව දුන් අතර මේ වසරේ පෙබරවාරි 4 වන දින නිදහස් උත්සවය
නිමිත්තෙන් සිරකරුවන් 274 කු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් ලබා දුන්නා.

මෙහිදී ජනාධිපතිවරයා අනුමත නොකළ හා නියමිත කොන්දේසි සපුරාලනු නොලැබූ
සිරකරුවන් 57 දෙනෙකු හා නත්තල් දිනයේදීත් 11 දෙනකු නිදහස් උත්සව දිනයේ දීද
නිදහස් කර ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අධිකරණයේදී
ප්‍රකාශ වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here