සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, අද (10) දින සිට
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩි වන අතර දිවයින හරහා විටින් විට තද සුළං
අතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසු වන
ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර එළිය, මහනුවර, ගාල්ල සහ මාතර
දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මිටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව
දැනුම් දෙනවා.
උතුරු පළාතේත් අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක්
ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව,
වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විටින් විට තද සුළං ඇතිවිය
හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් අතර මට්ටමක බව කාලගුණ
විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි කාවකාලික කද සුළං වලින් සහ අකුණු මඟින් සිදු
වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, හලාවත සිට
පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා
පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ
මීටර් (60-70) පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වනු ඇත.